Wednesday, November 8, 2017

හෝ ගානා පොකුණ

ඒක පුංචි ලස්සන ගමක්. ගමටම එන්නේ එක බස් එකයි. ඉතින් දවසක් මේ ගමට එන එකම එක බස් එකේ ටීච කෙනෙක් මේ ගමට එනව. මේ ටීච හැබැයි ලස්සන සුදු පොෂ් ටීච කෙනෙක් නම් නෙමෙයි. පෙනුමෙන්ම මේ ටීච කැම්පස් එකක් උද්ගෝෂණ වල ඉන්න අක්කල ගේ ලුක් එක තියෙන කට්ට කාල තෙම්පරාදු උන ටයිප් එකේ ටීච කෙනෙක්. ඉතින් මේ ටීච කොහොමහරි මේ පුංචි ගමට එන්නේ ඒ ගමේ තියෙන ඉස්කෝලේ පොඩි ඇම්බැට්ට රැලට අකුරු උගන්නන්න.

මේ ගමේ ඉස්කෝලේ පොඩි අව්ලක් තියෙනවා. ඒ තමයි මේ ඉස්කෝලේ ඉන්නේ එකම ගුරුවරයයි. වෙන කිසිම ගුරුවරයෙක්ට මේ ඉස්කෝලේ ඉන්න බෑ. ඒ එකම ගුරුවරයාම තමා මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලා ඉන්නෙත්. ගමේ ම මනුස්සයනේ මේ මනුස්සය ඉතින් ගමේ ඉස්කෝලේ දාල වෙන කොහේ යන්නද අනික පෙන්ෂන් එකත් තව අවුරුද්දකින් විතර ලැබෙනවනේ. එන හැම ගුරුවරයාම සතියෙන් දෙකෙන් ඉස්කෝලේ දාල යන අතරේ අලුතෙන් එන මේ ටීච ට මේ ඉස්කෝලෙයි ළමයිනුයි මාර විදිහට අල්ලලා යනවා.

ටිචගේ පළවෙනි දවසෙම ටීච ප්‍රින්සිපල් එක්ක ඇනගන්නව. ටීච උදෙන් ඇවිල්ල ඉන්න ළමයි දහ පහළොස්දෙනා පෝලිමකට හදල උදා රැස්වීමක් තියන්න යනවා. කවදාවත් නොකරපු වැඩ කරනවට ප්‍රින්සිපල්ලා කොහොමත් කැමති නෑනේ. හැබැයි මේ උදා රැස්වීම තමා මේ කතාවේ සුවිශේෂීම දේ ඉදිරිපත් කරන්නේ. හැමදාම මේ උදා රැස්වීමේ ඒක ළමයෙක් ඉස්සරහට ඇවිත් කතාකරන්න ඕනේ මොකක්හරි දෙයක්.

දවසක් එක ළමයෙක් උදා රැස්වීමේදී කියනවා ටිකක් අමුතු කතාවක්. ඒ ළමය කියන්නේ පොකුණක් ගැන. නිකන්ම නිකන් පොකුණක් නෙමෙයි  හෝ ගාන පොකුණක් ගැන. ඒ පොකුණ ගොඩාක් ඈත පලාතක තියෙන පොකුණක් ලු. ඒ පොකුණේ එක කෙළවරක් පෙන්නේ නෑලු. පොකුණේ මහා විශාල රැලි ගහනවලු. ඒ රැලි වලින් හෝ හෝ ගාල සද්දෙකුත් එනවලු. මේ පොකුණ ගැන කියන ළමයත් ඒ පොකුණ දැකල නෑලු. ළමය විතරක් නෙමෙයි ළමයාගේ අම්මත් දැකල තියෙන්නේ එක පාරලු. ඔය තරම් විස්තර කිව්වෙත් ළමයාගේ අත්තලු.

ඉතින් ඔය කතාව කියපු වෙලාවේ ඉඳන් මේ ඉස්කෝලේ ඉන්න පොඩි අම්බට්ට්යෝ ටිකට තියෙන්නේ එකම ඒක හීනයයි ඒ තමයි අර ළමය කියපු හෝ ගාන පොකුණ බලන්න යන එක. ඉතින් මුන් ටික ගන්න පළවෙනි පියවර තමයි අර හිටපු වයසක ප්‍රින්ස්පල් උන්දැ ගාවට ගිහිල්ල වෘතිය සමිති වගේ ඉල්ලීමක් කරන එක. ඉතින් ඒ අහිංසක ඉල්ලීම තමයි. “ අනේ ලොකු සෑර් අපිව මුහුද බලන්න එක්කන් යන්න ලොකු සෑර්” කියන එක.

ඉතින් මේ මුහුද බලන්න යන්න සල්ලි කොහෙන්ද?.

ඔය ටීච ඇවිත් විකාර වැඩ කරන්න පටන් ගන්න කලින් ඉස්කෝලේ ලොකු සර් පොඩි ඇම්බැට්ට රැල එකතු කරගෙන වගාවක් කරන ගියා. ඔය වගාවේ පලදාව එකතු කරලා විකුණලා ඉතුරු කරපු සල්ලි ටික තමයි මේ මුහුද බලන්න යන ගමනේ වියදමට ගන්නේ.

එතකොට බස් එක.

ආ ඒක අව්ලක් නෑ නේ ජස්ටින් මාමගේ බස් එක තියෙනවනේ.

හැබැයි ඉතින් අව්ලක් නැත්තෙමත් නෑ. මේ බස් එක ජස්ටින් මාමගේ කිව්වට එයාගේ නෙමෙයි. මේ බස් එක ගමේ රාලහාමි මහත්තයාගේ. මිනිහ එක විදිහක ඩයල් එකක්. උඩින් ගමන යන්න කතා කලාට හිත යටින් ගමනට විරුද්දයි. ඉතින් මිනිහ දැම්ම කොක්ක. ඔන්න ඔය වෙලාවේ තාම ටීච රාලහාමි මහත්තයාගේ පවුලට කතාකලේ. උන්දැ ට මලගිය ප්‍රානකාරයෙක් වැහිලා ඩෙගා නැටුවට පස්සේ ඔන්න බස් එකේ වැඩෙත් හරි.

ඔහොම ඉතින් කට්ටිය ගමනට සුදානම් වෙද්දී තව පොඩි අව්ලක් වෙනවා. ඒ තමයි ජස්ටින් මාමට ලයිසන් නෑ. මොන මල වදයකද මන්ද. මුන් මේ මුහුද බලන්න යන්නේ නැද්ද එතකොට. අපෝ පොඩි උන් දෙයක් හිතුවොත් ඒ දේ කරලයි පස්ස බලන්නේ. ඉතින් මේ කතාවෙත් එහෙම තමා වෙන්නේ පොඩි සෙට් එක එකතු වෙලා ජස්ටින් මාමට ලයිසන් ගන්න උදව් වෙනවා.

අන්තිම මොහොතේ ගමන යන්න පැයක් තියල ජස්ටින් මාම අසනීප වෙනවා. පොඩ්ඩන්ගේ බලාපොරොත්තු සුන් වෙනවා. හැබැයි මේ කතාවේ ඉන්න අර කට්ට කාපු ටීච පොඩ්ඩෝ ටික බස් එකේ දාගෙන මුහුද බලන්න එක්කන් යනවා. අන්තිමට අර දුෂ්කර පළාතේ ගමේ ඉස්කෝලේ හිටපු අම්බට්ටයෝ ටික හෝ ගාන පොකුණ බලනවා.

මේ කතාව තියෙන ඒ ලස්සන චිත්‍රපටිය තමයි හෝ ගාන පොකුණ කියන්නේ. ඉන්දික ෆර්ඩිනැන්ඩො කියන මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් කරපු මෙම නිර්මාණයේ කොච්චර බාධා ආවත් ඒවා පොඩ්ඩක්වත් මායිම් කරන්නේ නැතුව තමන්ගේ ඉලක්කයට යන්න කියල දෙනවා. ඒ වගේම තාම විශිෂ්ට සංගීත සහිත ගීත කිහිපයක්ම මේ නිර්මාණයේ අඩංගු වෙනවා.


පොඩි ලොකු ඕන කෙනෙක්ට ඇනුම් යවන්නේ නැතුව ෆන් එකේ බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක් තමා මේ හෝ ගාන පොකුණ ...

3 comments:

  1. නොට්ටිගේ පුතෙක් නොවන සත්තලං පුතෙක්

    ReplyDelete
  2. නොට්ටිගේ පුතෙක් නොවන සත්තලං පුතෙක්

    ReplyDelete