Saturday, November 11, 2017

ABBA හතලිස් වෙනි සංවත්සරේට නිෂ්පාදනය කරපු ෆිල්ම් එක - Mamma Mia

මේ කතාව තරුණ කෙල්ලෙක්ගෙ වටා ගෙතිච්ච කතාවක්. එයාගේ නම සොෆී. කසාද බඳින්න යන්නේ. ඉතින් බඳින්න යද්දී යාළුවන්ට නෑදෑයන්ට ආරාධනා කරනවනේ. ඉතින් මේ සොෆීයි එයාගේ අම්මා ඩෝනායි දෙන්නත් ටික දෙනෙක්ට වෙඩින් එකට ආරාධනා කරනවා. හැබැයි සොෆී අම්මට හොරෙන් තව තුන් දෙනෙක්ට ආරාධනා කරනවා. ඒ තමයි සෑම් කර්මයිකල් , බිල් අන්ද්‍රසන් , හැරී බ්‍රයිට්.

කලකාරි කියන ග්‍රීක් දුපතේ තමයි මේ සොෆී ඉන්නේ. ඉතින් ඔන්න දැන් තමා කතාව පටන්ගන්නේ. සොෆී ගේ යාලුවෝ දෙන්නෙක් එනවා මේ වෙඩින් එකට. උන් දෙන්න තමා සොෆීගේ අපාය සහයක මිත්‍රයෝ දෙන්න.ඔක්කොම දේවල් සොෆී කියන්නේ මේ දෙන්න එක්ක. ඉතින් සොෆී අම්මට හොරෙන් ආරාධනා කරපු මිනිස්සු තුන්දෙනා ගැනත් මේ යාලුවෝ දෙන්නට කියනවා.

සොෆී ට හම්බෙනවා අවරුදු විස්සකට විතර කලින් ඒ කියන්නේ සොෆී ඉපදෙන්න කලින් සොෆීගේ අම්මා ලියපු ඩයරිය. ඔන්න ඉතින් සොෆී මේ ඩයරියේ තියෙන දේ අර පිස්සියෝ දෙන්න එක්ක කියන්න යන්නේ.

ජුලි 17 :-  කොයිතරම් පුදුම රාත්‍රියක්ද . සෑම් එනවා මේ පුංචි දුපතට. අපි නටනවා වෙරළට වෙලා සිපගන්නවා වෙරළට වෙලා අන්තිමට ඉතින් ඩොක් ඩොක් ඩොක් ...... සෑම් තමයි කෙනා. මන් කවදාවත් මේ වගේ ආදරේ කරල නෑ.

ඩොක් ඩොක් ඩොක් කිව්වේ

අයියෝ එක තමයි ඒ ගොල්ලෝ ඒ කාලේ කරලා තියෙන්නේ..

එතකොට සෑම් කියන්නේ ඔයාගේ තාත්තද ?

(කලින් කියන්න අමතක උනා. සොෆිට තාත්ත කෙනෙක් නෑ. සොෆී තාත්ත ගැන අම්මගෙන් අහන හැමවෙලාවෙම සොෆීගේ අම්මා කියන්නේ වසන්ත කලේ ආදර කතාවකුයි සොෆීව හම්බෙන්න ඉන්නවා කියල ඒ ආදරවන්තය දන්නේ නැති කථාවකුයි විකාර ගොඩක් ගැනයි )

පොඩ්ඩක් ඉන්න තව තියෙනවා මේකේ ලියල....

මෙච්චර වෙලාවක් සෑම් කිය කිය හිටියේ එයා මට ආදරෙයි කියල ඒත් දැන් එය කියනවා එන්ගේජ් වෙලා ඉන්නේ කියල එයට යන්න ඕනෙලු.

පව් අසරණ ඩෝනා

අගෝස්තු 4  :- මොන රාත්‍රියක්ද .... බිල් මෝටර් බෝට්ටුවක් අරගෙන මාව දුපතෙන් එලියට ගෙනිච්ච. මන් තාම සෑම් නිසා අප්සෙට් වෙලා ඉන්නේ. එත් බිල් ගොඩක් විහිලු කොල්ලෙක් හරිම හොඳයි. එකකට පස්සේ තව එකක් අන්තිමට ඩොක් ඩොක් ඩොක් ......


අගෝස්තු 11 :- හැරී අනේ හරිම හුරතල් කොල්ලෙක්. එයාට ඕන උනා දුපත බලන්න ඉතින් මන් එක්කන් ගියා දුපත වටේ අන්තිමට ඉතින් ඩොක් ඩොක් ඩොක් ......

අම්මෝ සොෆී...... දැන් කව්ද ඔයාගේ තාත්ත.

මන් දන්නේ නෑ.

එතකොට කාටද ඔයා අරාධනා කලේ.

මන් තුන්දෙනාටම ආරාධනා කළා.

OMG
..................................................................................................................................................

විශේෂ ආරාධනා පිට එන සොෆීගේ තාත්තල තුන්දෙනා අලකලංචි ගොඩක් මැද්දේ බිල් ගේ බෝට්ටුවේ දුපතට එනවා. මේ තුන්දෙනා අන්දුරගන්නේ වරායෙදී බෝට්ටුව මිස් උනාම. තාම තුන්දෙනා පරණ දේවල් දන්නේ නෑ.

තුන්දෙනා එකම බෝට්ටුවේ දුපතට අවම කොහොමහරි සොෆී මේ තුන්දෙනාව අම්මට අහු නොවෙන්න නවත්තනවා ඒගොල්ලන්ගේ පරණ බඩු දාල තියෙන කාමරේ. ඔය අතරේ තමයි මේ දුපතට සොෆීගේ අම්මගේ අපාය සහයක මිත්‍රයෝ දෙන්න එන්නේ. දැන් ඉතින් කතාව ෆුල් ෆන් නැටුම් ගැයුම් කෝටියයි.

ඔය අතරේ මොකක්හරි වැඩකට ඩෝනා යනවා පරණ බඩු දාපු කාමරේට. බඩු මට්ටු.. වැඩේ ෆුල් හොල්මන්. අවරුදු ගානක් සොෆිගෙන් රැකගත්ත රහස සොෆී බඳින දවසේ එලි වෙන්නයි යන්නේ. ඉතින් ඒ වෙලේම තුන්දෙනාට නියෝගේ නිකුත් වෙනවා දුපතෙන් පිටවෙන්න.

ඒ උනාට මේ තුන්දෙනා දුපතෙන් පිටවෙන්නේ නෑ. කොහොම කොහොම හරි දඟලලා වෙඩින් එකටත් ඉන්න තමා හදන්නේ මේ තුන්දෙනා සොෆී ව එක්කන් බෝට්ටුවේ පොඩි රව්මක් දානවා. සොෆී එයාගේ යාලුවෝ දෙන්නයි දුපතේ කෙල්ලෝ ටිකයි පාටියකුත් දානවා. අන්තිමට ඒ අනර්ඝ මොහොත උදාවෙනවා. සොෆී ගේ වෙඩින් එක.

ඔන්න ඉතින් සොෆී ගේ අම්මා සොෆිව එක් කරගෙන වෙඩින් මාච් එකේ පල්ලිය මැද්දෙන් අල්තාරේ ලඟට එක්කන් එනවා. පල්ලියේ පුජක තුමා පුජාව පටන්ගන්න යද්දීම සොෆී ගේ අම්මා එකපාරට නැගිටලා මම සාදරෙන් පිලිගන්නවා සොෆීගේ තාත්තලව කියල කියන්නේ . සෑම් එකපාරට නැගිටලා එයා තමා සොෆී ගේ තාත්ත කියල කියනවා. ඒ එක්කම අනිත් දෙන්න ඒ කියන්නේ බිල් සහ හැරී දෙන්නත් සොෆී ගේ තාත්ත විදිහට ඉදිරිපත් වෙනවා.

වාසල හමාරයි රහස එලි උනා. සොෆී ට විතරක් නම් කමක් නෑ. වෙඩින් එකට ආපු ඔක්කොටමත් වැඩේ එලි වෙන්නේ මේ වෙලාවේ තමා.

ඩෝනා - සොෆී මට කියන්න ඕන වෙලා තිබ්බේ.......

සොෆී - මන් දන්නවා මේ තුන්දෙනාගෙන් කෙනෙක් තමා මගේ තාත්ත කියල. මන් තමා ඒගොල්ලන්ට ආරාධනා කලේ.

ඩෝනා - OMG ඒක තමා මේ තුන්දෙනාම මෙහෙට අවේ.

සොෆී - මම ගණන් ගන්නේ නෑ ඔයා මිනිස්සු සීයක් එක්ක හිටියත්. ඔයා මගේ අම්මා. මන් ඔයාට ගොඩක් ආදරෙයි.

දැන් රහස එලි උනා. තාම සොෆීගේ තාත්තව දන්නේ නෑ සොෆිට ගානකුත් නෑ ඒ නිසා පියතුමා අපහු පුජාව පටන්ගන්න හදන්නේ. එත් එකපාරට අපහු සොෆී කියවන්න ගන්නවා....

සොෆී - මන් දන්නේ නෑ ඔය තුන්දෙනාගෙන් කව්ද මගේ තාත්ත කියල. මට වැඩක් නෑ. අනික මට දැන්ම බඳින්න ඕනේ නෑ. ස්කයි ( සොෆී ගේ කොල්ල ) ඔයා යන්න. ලෝකේ වටේම රවුම් ගහන්න... ( සොෆී ගේ කොල්ල්ලට ඕන වෙලා තිබ්බේ ලෝකේ වටේම රවුම් ගහන්න)

ඉතින් එතනින් වෙඩින් එක ඉවරයි. ලැස්ති කරපු ඔක්කොම අපරාදේ.... කට්ටියම පල්ලියෙන් පිටවෙන්න හදන්නේ.

ඔන්න එතකොට හැරී කියනවා..

හැරී - ඇයි අපි මෙච්චර ලස්සන වෙඩින් එකක් නාස්ති කරන්නේ. ඩෝනා ඔයාටත් කව්රුහරි ඉන්න එපෙයි අනාගතේ ඔයා ලඟින් ඉන්න.

ඩෝනා - ඔයාට පිස්සු ද?

හැරී - මම දික්කසාද උන කෙනෙක් අවරුදු 21ක් වෙන කෙල්ලෙක්ට ආදරේ කරන. එන්න ඩෝනා.......


එකත් ජයසිරි මංගලම්......

අන්තිමට සොෆී බැන්දේ නෑ.. සොෆී ගේ අම්මා නම් හැරී ව බැන්ද. ස්කයි ලෝකේ වටේ ගියා.......


මේ ලස්සන පිස්සු කතාව තියෙන්නේ Mamma Mia කියන ෆිල්ම් එකේ. ABBA සංගීත කණ්ඩායමේ හතලිස් වෙනි සංවත්සරේට ABBA සංගීත කණ්ඩායමේ ගෝල්ඩ් ගීත ඇල්බම් එකේ ගීත සියල්ලම එක්කර නිෂ්පාදනය කරපු ෆිල්ම් එකක් තමයි මේක.

6 comments:

  1. බ්ලොග් එකට පලවෙනි වතාවට ගොඩවුනේ... වටිනා සටහනක්... මගෙ කැමතින සංගීත කණ්ඩායමක් තමා ABBA කියන්නේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති. දිගටම බ්ලොග් එකට එන්න.

      Delete
  2. හරි ලස්සන කතාව මමත් ආසයි ෆිල්ම් එකට

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකත් එක්ක සින්දු ටික ආවම කියල වැඩක් නැ....

      Delete
  3. මම කැමතිම සංගීත කණ්ඩායමක් වගේම ලස්සන චිත්‍රපටයක් .
    ආයෙත් එන්නම් ලස්සනට දිගටම ලියන්න මේ වගේ
    ජයවේවා ..!

    ReplyDelete
  4. බොහෝම ස්තුතී... දිගටම ලියනවා. දිගටම එන්න.

    ReplyDelete