Tuesday, November 7, 2017

දකුණු ආසියාවේ තියෙන ලොකුම කැටයම මොකක්ද?

ඒක තමයි දකුණු ඉන්දියාවේ තියෙන ආකාශ ගංගාව රෝහණය කියන කැටයම. මේ කැටයම පුරාවෘතයක් තියෙන කැටයමක්.

දකුණු ඉන්දියාවේ මහබලිපුරම් එහෙම නැත්නම් මහා මල්ලවපුරම් කියන ප්‍රදේශයේ තියෙන විශාල ගලක කරපු මේ කැටයම අඩි 100 X 50 ප්‍රමාණයේ විශාල කැටයමක්. පළවෙනි නරසිංහ වර්මන් රජතුමාගේ කලේ මහබලිපුරම් වෙරළේ පිහිටලා තියෙන ගලක මේ කැටයම කරලා තියෙන්නේ.

මේ කැටයමට ආකාශ ගංගාව රෝහණය කියල වගේම අර්ජුනගේ ශාපය කියලත් කියනවා. මේ කැටයම එහෙම හඳුන්වන්න හේතු ගොඩක් තියෙනවා. ඒ තමයි මේ කැටයමින් ගංගානම් ගඟේ උපත නිරුපනය කිරීම.

ඉන්දියාවේ ජිවත් වූ අධි බලැති භාග්‍යරථ නැමති තවුසා තමන්ගේ බලයෙන් ශිව දෙවියන් කැමති කරගෙන අහසින් විශාල ගංගාවක් පොලොව මතට පතිත කරවන සිදුවීම තමයි මේ කැටයමින් නිරුපනය වෙන්නේ.මේ මහා භාග්‍යවත් විසුවිම දෙස විශ්මයෙන් බලාසිටින මිනිසුන් සහ සතුන් සිය ගණනක් මේ කැටයමින් නිරුපනය කර තියෙනවා. පොලොව මතට පතිත වන විශාල ජල කඳ හේතුවෙන් මිනිසුන්ට හා සතුන්ට විපතක් නොවේවා යන පැතුමෙන් හා එම ජලය මිනිසුන්ට හා සතුන්ට ආශිර්වාදයක් වේවා යන පැතුමෙන් මිනිසුන් හා සතුන් දෑත ඉහලට කර වැඳගෙන ඉන්න ආකාරයක් දක්වා තියෙනවා.

කැටයම තුල සුවිශේෂතා ගොඩක් දක්නට ලැබෙනවා. මෙම කැටයම පිහිටි ගලේ හැඩය ඒ අයුරින්ම බාවිතා කරමින් නිර්මාණය කරපු කැටයමක්. උදාහරණයක් ලෙස කැටයමේ ගංගාව මෙම පිහිටි ගලේ දොරෝව්වක් ආකාරයෙන් ස්වභාවිකව නිර්මාණය වූ ස්ථානය මගින් නිරුපනය කිරීම කැපී පෙන්නවා. ඒ වගේම මෙම කැටයමේ සියලුම මිනිස් හා සත්වරුප ජීවී ප්‍රමාණයෙන් නිරුපනය කර තියෙනවා. කැටයමේ දකුණු කෙලවර ජීවී ප්‍රමාණයේ විශාල අත්රුප යොදා තිබෙනවා. ඒ වගේම වෙනත් සත්ව රූ අතර සිංහයන් , මුවන් , කස්බැවුන් , හංසයින් වඳුරන් වැනි සතුන් දක්වා තියෙනවා. ජීවී ප්‍රමාණයෙන් රුප දැක්වුවත් රූපවල ලාලිත්වයට කිසිඳු හානියක් නොවන ආකාරයට මෙම කැටයම නිර්මාණය කර තිබිම විශේෂයි.



කැටයමේ දක්වා තියෙන ගංගාවේ ඉහලට පීනා යන නාග කුමාරයෙකු හා නාග කුමාරිකාවක දක්වා තිබිම තවත් විශේෂ කරුණක්. මේ නාග කුමාරයා සහ කුමාරිකාව නාග හිස්වැසුම් පළඳා සිටින ආකාරයක් දක්වා තියෙනවා. ඒ දෙස විමතියෙන් බලා සිටින පිරිසක්ද කටයෙමේ දැකිය හැක. කැටයමේ වම්පස කෘෂ සිරුරක් සහිත භාග්‍යරත තවුසා දෑත ඉහලට ඔසවා තනි කකුලෙන් සිටගෙන සිටින ආකාරයක් දක්වා තියෙන අතර ඔහුට තරමක් දකුණින් ඉහලින් ශිව දෙවියන් දක්වා තියෙනවා.

මහබලිපුරම් ප්‍රදේශයේ ධීවරයින් සහ නැවියන් වෙරළේ ගිමන් නිවාගන්නා අවස්ථාවන් වල කරන ලද නිර්මාණයක් ලෙස මේ කැටයම හැඳින්විය හැකි අතර පල්ලව සම්ප්‍රදායට එනම් මහබලිපුරම් හි විසූ පල්ලවයන්ගේ ශෙලියට කරන ලද නිරමාණයක් ලෙස මේ කැටයම හඳුන්වන්න පුළුවන්.


කෙසේ නමුත් දකුණු ආසියාවේ ඇති විශාලතම කැටයම වන මෙම ආකාශ ගංගාව රෝහණය කැටයම තව දිගු කාලයක් ආරක්ෂා සහිතව පල්ලවයන්ගේ කළා කුසලතාව ලොවටම විදහාපාන බව නොඅනුමානයි.

4 comments: