Saturday, November 4, 2017

තවම වෙන් නොවූ ඉසුරුමුණි පෙම් යුවල

මේ දවස් වල වැඩිපුරම අහන්න ලැබෙන දෙයක් තමයි ලව් කරන කෙල්ලෝ කොල්ලෝ තරහ වෙන එක. මේක ඉස්සරත් වෙලා තියෙන්න ඇති. ඒ උනාට එහෙම වෙන් වෙලා නැතුව තාම ලඟින් ඉන්න ජෝඩුවක් තමයි ඉසුරුමුණි පෙම් යුවල.

අනුරාධපුර රජසමයේ කරපු සුපිරිම ගල් නිර්මාණයක් විදිහට මේ පෙම් යුවල හඳුන්වන්න පුළුවන්. හොඳ ඇඟපත තියෙන පිරිමි කෙනෙක්ගේ කකුලක් උඩ ඉඳගෙන ඉන්න කාන්තාවක් මෙම අර්ධ උන්නත කැටයමින් නිරුපනය වෙනවා.

මෙම පෙම් යුවල කැටයමේ ඉන්නේ නියම තරුණ ජෝඩුවක්. ඒ පෙනුම මේ කැටයමේ ඉන්න ජෝඩුව ගේ අඟ පසඟ තුලින් නිරූපනය වෙනවා. දෙන්නගේ ප්‍රේමාන්විත බව , පිරිමියාගේ ආද‍ර බැල්ම හා උකුල උඩ ඉඳගෙන අහක බලන් ඉන්න කාන්තාවගේ ලැජ්ජාශීලි බව ඉතාම හොඳින් මෙම කැටයමින් ප්‍රකාශ කරනවා.

දැන් ඉන්න කෙල්ලෝ ඉතින් වචනෙන් කිව්වොත් හරි චබී නේ. පිටි මුට්ටි වගේ නේ. හැබැයි මේ කැටයමේ ඉන්නේ නම් නියම ලස්සන කෙල්ලෙක්. “ ඉඟ සුඟ ගත හැක මිටින” හීනි ඉනක් තියෙන පුළුල් උකුලක් තියෙන පුන් පියයුරු තියෙන කොටින්ම කිව්වොත් ලස්සන කෙල්ලෙක්ට තියෙන්න ඕන ඔක්කොම තියෙන කෙල්ලෙක් තමයි මේ කැටයමේ ඉන්නේ. ඉතින් ඒ වගේ කෙල්ලෙක් එක්ක අර මනුස්සය අනුරාධපුර යුගේ ඉඳන් ඉන්න එක අහන්න දෙයක් නෙමෙයි නේ.

කැටයමේ ඉන්න කොල්ල නම් කෙල්ලගේ කැටයම් බලන ගමන් තමා ඉන්නේ. තමන්ගේ වම කකුල උඩ ඉන්දගෙන් තමන්ගේ පැත්තට ආකර්ෂණය කරගන්න වම අතින් කාන්තාවගේ උරහිසින් අල්ලාගෙන ඉන්න ආකාරය කැටයමින් මනාව නිරුපනය වෙන දෙයක්.

අපිට මේ ජෝඩුව පෙම් යුවල උනාට ගොඩක් මතධාරියෝ මෙම කැටයම ගැන විවිධ මත ඉදිරිපත් කරල තියෙනවා. පරණවිතාන මහත්තය නම් කියන්නේ මේ ඉන්නේ සාලිය අසෝකමාල කියල. එත් සමහර අය කියන්නේ මේ ඉන්නේ යුද්දෙට ගිය සෙබලෙක් තමන්ගේ භාර්යාව හමුවුන අවස්තාවක් කියල. කොහොම උනත් මටනම් පෙන්නේ ආදරෙන් වේලිලා ඉන්න පෙම් යුවලක්.

ඉන්දියාවේ ගුප්ත සම්ප්‍රදායට කරපු මේ නිර්මාණයේ සියුම් තැන පවා පෙන්වන්න අනුරාධපුර ශිල්පිය ගත්ත උත්සාහය නම් කියල නිම කරන්න බෑ.

ඉතින් මේ පෙම් යුවලට තව දිගු කාලයක් පෙම් සුව විඳිමින් ඉසුරුමුණි කෞතුකාගාරයට වෙලා ආරක්ෂා සහිතව ඉන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.......


2 comments:

  1. මටත් හිටිය බං.. ඔය වගේ තනි අතකට අල්ලන්න බැරි පුන් පියයුරු තියන ,, කොට චබී මානවිකාවක්... මාත් ඔය වගේම එකිව තියාගෙන හිටියා ඉසුරුමුනියට පහල තිසා වැවු බැම්ම පාමුල...

    ReplyDelete
  2. චබී නම් ගලක කැටයම් කරන්න අමාරුයි.......😂

    ReplyDelete