Sunday, April 22, 2018

රා කැන්ටිම.

පයාගල, ඉතා සුන්දර වෙරළාසන්න ගම්මානයකි. බහුතරයක් ධීවර ජනතාව වෙසෙන මෙම ප්‍රදේශය මර්වින් පෙරේරා වැනි ඉතා දක්ෂ කලාකරුවන්ගේ වාස භුමිය බවට පත් වූ ග්‍රාමයකි. කෙසේ නමුත් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පුද්ගලයෙකුගෙන් පයාගල පිළිබඳව ඇසුවහොත් ඔහුට මුලින්ම මතකයට එන්නේ පයාගල රා වල මිහිරයි. (පුද්ගලයා අමු බෙබෙක් නම් පයාගල කියූ සැනින් රා කැන්ටිම යන වචනය කීම විශේෂිත වේ)

පයාගල යන නාමය ජාත්‍යන්තරයේ බැබලවීමට රා කැන්ටිම කරනු ලබන්නේ අනුපමේය සේවයකි. මෙම රා කැන්ටිම කවදා කෙසේ ආරම්භ වුවක් දැයි කිසිවෙකු නොදනී. නමුත් මෙම රා කැන්ටිම පුරාණ රජකාලේ සිට පැවත එන බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මන්ද යත් වරක් දුටුගැමුණු රජතුමා ද රට පුරා සංචාරයක නියැලෙමින් සිටියදී පයාගල ග්‍රාමයට පැමිණ රා පානය කල බව පයාගල ග්‍රාමයේ වැඩිහිටියන් කුඩා දරුවන්ට පවසන ඉතා ප්‍රසිද්ධ කතන්දරයකි.

පයාගල ග්‍රාමයේ උතුරට වන්න (කුඩා පයාගල) පිහිටා ඇති මෙම රා කැන්ටිම ප්‍රමාණයෙන් විශාල වූ භුමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී. වෙනත් රා පොළවල් වල මෙන් පොල් අතු පැලවල් වල නොව ඉතා ආකර්ශනීය ලෙස තනන ලද සිමින්ති දමා ස්ථිර වශයෙන් ම තැනූ ගොඩනැගිල්ලක් තුල රා වෙළදාම සිදු කිරීම මෙම රා කැන්ටිමේ විශේෂත්වය වේ. එලෙසම ඒම ස්ථානයේ සිටම සුවපහසු ආකාරයට රා පානය කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දීමද මෙම රා කැන්ටිමේ සුවිශේෂී තාවයක් වේ.

රා කැන්ටිමට සමගාමීව රා බොන පුද්ගලයන් සඳහා අවශතා සපුරන වෙනත් ව්‍යාපාරද මෙම භුමිය තුල දැකගත හැකිය. රටකජු බයිට් වැනි දෑ ඒ අතර වේ. තවද රා මිලදිගෙන් ගෙදර ගොස් පානය කරන අය සඳහා රා කැන්ටිම අවට ඌරු මස් මිලදී ගැනීමට ස්ථාන රාශියක් පැවතීම පයාගල රා කැන්ටිම සුවිශේෂ වීමට තවත් ඒක හේතුවක් වී ඇත.

රා කැන්ටිම මගින් රා පානය කරන පුද්ගලයන් වයස් අනුව බෙදා වෙන් කල හැකිය.

  • අවුරුදු 21 – 30 දක්වා වයස් වල සිටින පිරිස - මොවුන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් සහ ඇත්තෙම නැති තරම් ය. කලාතුරකින් ඇබ්බැහි වූ අයෙක් දෙදෙනෙක් දැකගත හැකිය.
  • අවුරුදු 30 – 50 දක්වා වයස් වල සිටින පිරිස - මොවුන් අතර බහුතරය රා පානය කරනු ලබයි. නමුත් දිනපතා පානය කරනු ලබන්නන් දැකගත හැකිවන්නේ කලාතුරකිනි. නමුත් සෑම සති අන්තයකම රා පානය කරන්නන් බහුලව දැකගත හැකිය.
  • අවුරුදු 50 – 75 දක්වා වයස් වල සිටින පිරිස - මොවුන් අතර දිනපතා රා පානය කරනු ලබන පුද්ගලයින් දැකගැනීමේ හැකියාව පැවති. තවද රා කෙරෙහි ඇබ්බැහි වීමක් දැකගත හැකිය.
  • අවුරුදු 75+ දක්වා වයස් වල සිටින පිරිස - ඇඟට ෆිට් නම් දිනපතා රා කැන්ටිම වන්දනා කිරීමට පැමිණේ.

මෙලෙස වයස් අනුව රා කැන්ටිමට පැමිණීම හා රා පානය කිරීම දැක්විය හැකිය.



රා කැන්ටිමෙන් රා බොන්නන් අතර විශේෂිත කොට දැකිවිය හැකි පුද්ගලයින් රාශියකි.

පයාගල ග්‍රාමයේ ප්‍රධාන මාර්ගය හැර මුහුද පැත්තට වන්න තවත් මාර්ගයක් ගම මැදින් පැවති මෙම මාර්ගය භාවිතා කරමින් රා කැන්ටිම කරාද ගමන් කල හැකිය. පයාගල මහා පල්ලිය සිට ආරම්භ වන මෙම මාර්ගය දෙපස පයාගල ග්‍රාම වාසින් ගේ නිවාස පවතී. දිනපතා රා බොන සමහරක් පිරිස මෙම මාවතේ දෙපස පිහිටි නිවාස වලින් තාම ආහාරය ලබා ගැනීම සඳහා මුදල් සිගාකමින් ගමන් කරයි. ඔවුනට එක ගෙදරකින් රුපියලක් ලැබුනද සෑහීමකට පත්වේ. මන්ද යත් ඔවුන්ගේ ගමනාන්තය ඇත්තේ රා කැන්ටිම තුලය. ඔවුන් ගෙවල් වලින් සිඟා කමින් රා බොන්නන් වේ.

දිනපතා රා බොන දෙවන කොටස වන්නේ උදැසන සිට කුලී වැඩ කොට උපයන මුදලින් සවස් වරුවේ රා කැන්ටිමට ගොස් රා බොන පිරිසයි. මොවුන්ගෙන් කිසිවෙකුට හානියක් නොවන අතර හානියක් සිදුවනවානම් සිදුවන්නේ මොවුන්ගේ පවුල් වල අයටය. තවද රා මතින් සිටින මොවුන් කර මතින් ගෙදර ගෙනයාමටද පවුල් වල යට සිදුවේ.

තුන්වන කොටස දිනපතා රා බොන අය නොවේ. මොවුන් විවිද ආයතන වල සේවය කරන පුද්ගලයන් ය. මොවුන් මාසයට දවස් දෙකක් හෝ තුනක් (තමාට නිවාඩු ඇති ලෙස) රා කැන්ටිමට පැමිණ රා පානය කරනු ලබයි. මොවුන්ගේ විශේෂත්වය වන්නේ මොවුන් රා බොන දිනට වෙනදා මෙන් වැඩට යන ආකාරටය තාම භාර්යාවගෙන් බත් පාර්සලයද රැගෙන සුපුරුදු ආකාරයට නිවසින් එලියට පැමිණීමයි. මෙලෙස පැමිණෙන මොවුන් නතර වන්නේ රා කැන්ටිමෙන් වන අතර උදෑසන රා බී දහවල් කාලයේ වැල්ලට ගොස් තාම බත් මුල කා සවස් වන තෙක් පොඩි නින්දක් දමා සවසද රා බී වැඩ අවසන් වන වෙලාවට ගෙදර යාම මොවුන් සිදු කරයි. ඉහත දක්වූ දෙකොට්ටාශයටම වඩා ඔවුන් සාර්ථකය.



රා කැන්ටිමෙන් රා බොන පිරිස් සම්බන්ධව රස කතා රාශියකි.

දිනක් මා ගමන් කල බස් රථයට රා කැන්ටිම අසලින් රා බී උච්චතම අවස්ථාව නොහොත් ස්වර්ගස්ථ වූ අවස්ථාවට පත් පුද්ගලයෙක් නැග්ගේය. ඔහු කොපමණ පාරිශුද්ධ භාවයට පත්ව සිටියද යත් ඔහු ඉඳගත් අසුනේ සිටී අනිත් පුද්ගලයා නැගිට ආචාර කිරීමටද විය. තවද කොන්දොස්තර මහතා ඔහුගේ ගමනාන්තය ඇසීම පමණක් සිදුකල අතර මුදල් ගැනීමද ප්‍රතික්ෂේප කලේය. ග්‍රැමෆෝන් යුගයේ ගීතයක් මුමුනමින් ගමන් කල  ඔහුගේ ගමනාන්තය බේරුවල වුවද ඔහු නගාගත් ස්ථානයේ සිට හෝල්ට් දෙකකට පසු කොන්දොස්තර මහතා බේරුවල බේරුවල යයි කෑගැසීම හේතුවෙන් කිසිඳු කතා බහකින් තොරව රා බී මත් වූ පුද්ගලයා බැස ගියේය. මෙය රා කැන්ටිම ඇති ප්‍රදේශය හරහා ගමන් ගන්නා බස් රථ වල කොන්දොස්තර මහත්වරු අනෙකුත් මගීන් ගේ සුබසිද්ධිය උදෙසා ගනු ලබන පියවරක් බව මා හට පසුව පසක් විය.

පයාගල රා කැන්ටිමේ නාමය ලොව පුරා බැබලවීමට රා බොන්නන්ගෙන් ලැබෙන සහයෝගය අපමණය. රා කැන්ටිම තව බොහෝ කාලයක් පවතිමින් ජනතාවට සේවයක් කිරීමටත් එමගින් පයාගල කීර්ති නාමය ලොව පුරා ජනිත කරවීමටත් වාසනාව ලැබේවා.

සැ.යු. - රා කැන්ටිමේ පින්තුරයක් ඒක කිරීමේ අවශ්‍යතාව තිබුනට පින්තුරයක් ගැනීමට ගොස් ගුටි කෑමට තරම් ශරීරයකට හිමිකම් නොකීම හේතුවෙන් ඒ පිළිබඳව සමාව ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

11 comments:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_283.html

    ReplyDelete
  2. විස්තරේ කියෙවුවම ඇවිල්ල රා කට්ටක් ගහල යන්න හිතෙනව. ෆොටෝ කෑල්ලකුත් තිබ්බනං අගෙයි.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න එක්කන් යන්නන් ප්ලේස් එකට.
      ෆොටෝ කැල්ලක් ගන්න ගියොත් නම් කන්න වෙනවා ගමකට.

      Delete
  3. මෙතන මම දන්න කාලෙ ටකරං ගහලා ලෑලිවලින් වට කරලා තිබුනේ. දැන් ඊක දියුණුවෙලා ඇති! මර්වින් පෙරේරා මහත්තයාව දවසක් මට ඔතනදි හමු උනා. අනේ රා බොන්න ඇවිත් නොවේ. ගාලු පාරෙ ගිය එයාගෙ යාලුවෙක් මෙතන නවත්වගෙන ඉන්නවා කියලා එයාව හමුවෙන්න ගොරෝසු හඳකින් යුත් සොඳුරු මිනිසා ඇවිත්. මමට් නිකං කිට්ටු කලා! "මල්ලි හොඳට ටිකක් බොන්න ඕනෙනම් පොඩ්ඩක් පාරෙන් හැරිලා ඇතුලට එන්න. ඔතන කවලං...!' කියලා උපදේශයකුත් ලැබුනා සුන්දර සිනහවකුත් එක්ක!

    රා ගැන සුපිරි කතා කීපයක් තියේ. වෙලා තියෙන වෙලාවක ලියන්නම්!

    ReplyDelete
    Replies
    1. දැන් දියුණුයි. ආපහු එනවනම් කියන්න. රා ගැන කතා නම් අහන්න ආසයි.

      Delete
  4. CASINOS at Borgata Hotel Casino & Spa
    CASINOS 경상북도 출장안마 at Borgata Hotel Casino & Spa features luxurious accommodations, fine dining, a wide variety of 파주 출장안마 entertainment 군산 출장샵 attractions and w88 shopping. Rating: 4.3 · ‎4,292 진주 출장안마 reviews

    ReplyDelete