Saturday, November 4, 2017

බ්ලොග් නම් මොනවද පොත් එක්ක බලද්දී.

බ්ලොග් කියවල තියෙනවද.
කව්ද අනේ ඔව්ව දන්නේ.

ඇයි බ්ලොග් කියවල නැද්ද.
අපෝ මම නම් ඔය කුණුහරප කියවන්නේ නෑ.

එහෙනම් මොනවද කියවන්නේ.
මම කියවන්නේ පොත්. අනික ඔය බ්ලොග් කියවන්න කාටද වෙලා තියෙන්නේ.

මම නම් කියවන්නේ බ්ලොග්. හරිම ලේසි ෆොන් එකෙන්ම කියවනවා.
අනේ නිකන් යන්න. ඔව්ව ලියන්නේ මහා කුණුහරප කාරයෝ.

කව්ද කියන්නේ, බ්ලොග් කියවන එක මාර ෆන් වැඩක්.
පිස්සු, පොත් කියවන එක තරම් එක ෆන් නෑ. ඔව්ව වල මොනවා තියෙනවද කියල කව්ද දන්නේ.

ඉතින් දැනගන්න තමා බ්ලොග් කියවන්න කියන්නේ.
පිස්සු.

මොන පිස්සු ද බ්ලොග් තමා හොඳ.
බ්ලොග් ලියන එක කාටත් කරන්න පුළුවන්. පොත් එහෙම බෑනේ. අනික පොත් ලියන්නේ උගත් මිනිස්සු. බ්ලොග් ලියන්නේ මහා පිස්සෝ. එව්වා කියවන උන්ට ඊට පිස්සු.

හරි හරි මන් කියන්නේ නෑ පොත් හරි නෑ කියල. පොත් හොඳයි.
එකනේ කියන්නේ. පොතක් ලියන්න කොච්චර අමාරුද. මුලින් ලියන්න ඕනේ. වැරදි හදන්න ඕනේ. ප්‍රකාශකයෙක් හොයාගන්න ඕනේ. ප්‍රින්ට් කරන්න ඕනේ. ඔය ඔක්කොම කරල එලි දක්වුවම විකුණ ගන්න ඕනේ. ඉන්පස්සේ  හිට් උනාම සල්ලි තමා.( ලංකාවේ නෙමෙයි හොඳේ )

ඉතින් බ්ලොග් ලියන්න ඊට වඩා ලේසි නෙ. ලිව්ව දැම්ම. කියවන උන් කියවයි. හැබැයි ඉතින් සල්ලි හම්බෙන්නේ නෑ.
ඉතින් එකනේ ඕක වැඩක් නෑ කියන්නේ. සල්ලිත් නැ වැඩකුත් නැ කව්රුත් කියවන්නෙත් නෑ.

මටත් හිතෙනවා ලියන්න බ්ලොග් එකක්.
තමුසෙට නම් පිස්සු ඕයි. අම්ම පොත් ලියනව නේද. ලියනවකෝ හොද පොතක්.
නෑ මන් ලියනව බ්ලොග් එකක්.

ආ එහෙනම් ලියගන්නවකෝ ඔය මහා ලොකු බ්ලොග් එක.
ඒක තමයි මේක.

10 comments:

  1. Replies
    1. ඔව් ඔව් ඒක තමයි මේ.......

      Delete
  2. බ්ලොග් වලට තවත් පිස්සෙක්. වෙල්කම්...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියන්නෙත් පිස්සුවක්. තැන්ක් යූ

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මහා ලොකු බ්ලොග් එකට ඔන්න අපිත් ගොඩවුනා.

    ReplyDelete