Friday, October 25, 2019

අනෙකා වෙනුවෙන් දුක් විඳිනා සහෝදරත්වයක්.

ඔක්තෝම්බර් 24 ... කැම්පස් උන් කාලා බන් කෑමක් නැති වෙන්න. සැහෙන පිරිසක් හිරේ. හොඳ වැඩේ ඕකුන්ට. මොන රෙද්දකට ඔව්ව කරනවද. අම්මල අප්පලගේ සල්ලි නාස්ති කරන ජරා යක්කු. අපිට පාරේ බැහැල යන්නත් නෑ.

හරි බන් එල.

ගොඩක් උන් කතා කරන්නේ අහසින් වැටිලා වගේ. ගොඩක් උන් එහෙම කියන්නේ ඇරියස් කවර් කරන්නත් එක්ක. හැබැයි 24 ගොඩක් උන් කෑවේ සාදාරණ හේතුවකට.

මොකක්ද ඒ මහලොකු සාදාරන හේතුව? මොකටද එදා උන් පිකට් එක කලේ? මොකටද උන් එදා ගුටි කෑවේ? උඹල දන්නවද? උඹල ඒක හෙව්වද උන් මොකටද ගුටි කෑවේ කියල.

1. මහපොළ - ශිෂ්‍යාධාර කප්පාදුව නවතනු!
2. ජිවන වියදමට සරිලන මහපොළ - ශිෂ්‍යාධාර වාරික ඉහළ දමනු!
3. බදුබර, බඩුමිල පහත හෙළනු! වැටුප් වැඩි කරනු!
4. මහපොළ - ශිෂ්‍යාධාර වාරික ලබා දීමේදී සලකා බලන ආදායම් සීමා ඉහළ දමනු!
5. මාස ගණන් ප්‍රමාද කළ මහපොළ - ශිෂ්‍යාධාර වාරික වහා ලබා දෙනු!
6. මහපොළට සමාන ලෙස ශිෂ්‍යාධාර වාරික ඉහළ දමනු!

ඉතින් උන් මොකටද ඔව්වට ඔච්චර මැරෙන්නේ. මොකද උන්ට කැම්පස් එකේ අලයෝ පොද්දෝ කියල බේදයක් නෑ. මහපොළ තියෙන උන් ද නැති උන් ද කියල බේදයක් නැතුව පොඩ්ඩක් හරි කාල ජිවත් වෙන්නයි උන් පිකට් එක ගියේ.

මුලින් මහපොළ ගැන කතා කලොත් ගොඩක් උන් කැම්පස් එකේ ජිවත් වෙන්න මූලිකව බලපෑමක් කරන ප්‍රධාන සාදකයක් මහපොළ කියන්නේ. මොකද මහපොළ නැත්නම් කන්න නෑ. කැම්පස් එන බහුතරය දුප්පත් අම්ම තාත්තගේ ළමයි. ගොඩක් වෙලාවට පවුලට බරක් නැතුව ජිවත් වෙන්න. 50 බත් එකෙන් වේල්  තුනම නැතත් උදේ රෑ දෙක කාල ගේමක් ගහන්න. මහපොළ හම්බෙන්නේ නැති එකෙක්ට බත් එකක් අරන් දෙන්න. ලඟම එකාට අසනීපයක් උනාම ඌව බලෙන් බෙහෙත් ගන්න එක්කන් යන්න. දවල්ට වතුර විතරක් බීල මහපොලෙන් 1000ක් පංති යන මල්ලිගේ නංගිගේ එක පන්තියක ගාස්තුව විදිහට ගෙවන්න. මේ වගේ නොසෑහෙන්න අවශ්‍යතා මහපොළ කියන රත්තරන් වටින දේ සිද්ද කරනවා. 

කැම්පස් උන් එදා කෑවේ මාස ගණන් පරක්කු වෙන මහපොළ වෙලාවට දෙන්න කියන්න. මහපොලෙන් වේල්  දෙකක් නෙමෙයි තුනම කන්න පුළුවන් වෙන විදිහට තව පොඩ්ඩක් වැඩි කරලා දෙන්න කියන්න. 40000 පඩියෙන් පවුලේ 6 දෙනෙක්ට කන්න දෙන තාත්තගේ ළමයටත් මහපොළ දෙන්න කියන්න. මාස ගානක් මහපොළ නැතුව පාට් - ටයිම් කර කර ෆැක්ටරියේ වැඩ කරන එකාට නිදහසේ පොඩ්ඩක් පාඩම් කරගන්න පොඩි වෙලාවක් ඉල්ලා ගන්න. මහපොළ හම්බෙන ගානටම ශිෂ්‍යාධාරත් ඉල්ලගන්න බලන්න.

ඒ විතරක් නෙමෙයි උන් හිතුවේ. උන් උඹල ගැනත් හිතුවා. උන් උඹල කන බොන එක ගැනත් හිතුවා. එකයි උන් කිව්වේ බදුබර, බඩුමිල පහත හෙලන්න කියල. වැටුප් වැඩි කරන්න. කියල මොකද උන් ඉන්නේ පොළොවේ පයගහල උන් දන්නවා වෙන කාටත් වඩා බඩගින්න. අම්මෙක් තාත්තෙක් හම්බකරන සොච්චමෙන් ළමයින්ට කවල එයාල බඩගින්නේ ඉන්නේ කියන එක උන් දන්නවා. ඒ වේදනාව උන්ට තේරෙනවා. ඒකයි උන් එදා එහෙම කලේ. උඹල වෙනුවෙනුත්.


උඹ දන්න ඔක්කොම ගිය උන් ආව නේද බන්. එකෙක් තාම නෑ බන් අල්ලලද දන්නේ නෑ. එකෙක් නෙමෙයි බන් 52ක් නෑ බන්. උන් ඔක්කොම අනිත් උන් වෙනුවෙන් ඇතුලේ. උන්ව කොහොම හරි එලියට ගමු. උන් කාලද දන්නේ නෑ බන්. පට්ටම අවුල්. 24 රෑ තිබ්බ තත්වේ ඔන්න ඕක. 

සැ.යු. -  වයිරස් උණ උපරිම වීම හේතුවෙන්. 24 පාගමනට යාමට මා හට නොහැකි විය. 23 හවස කැළණි කන්ද පාමුලදී මල්ලි උඹට හොඳටම උණ  නේද ගෙදර ගිහින් ඕක හොඳටම හොඳ කරන් වරෙන් යයි පවසා පසුදින පාගමන අතර තුරදී අත්තඩංගුවට පත් වූ ** අයියා ඇතුළු අනෙක් පිරිසට ගෞරවයෙන්...

1 comment:

  1. Bambuwa thamai, So your big fight is to get free lunch (Mahapola). Hope you can divert some energy to fight and stop inhuman ragging in your universities. You can't do it, since JVP is doing it?

    Most developed countries charge for Uni education, most of you are blinded by JVP and do not understand the value of education. Most PVT company directors are western educated and they will not employ badly behaved local uni students.

    ReplyDelete